ආබාධිත රණවිරුවන් තවමත් කොටුව දුම්රියපලේ

Thursday, 12 September 2019 - 12:37

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A
ආබාධිත විශ්‍රාමික රණවිරුවන් පිරිසක් කොළඹ - කොටුව දුම්රියපල ඉදිරිපිට තවදුරටත් විරෝධතාවයේ නිරතවනවා.

ප්‍රදේශයට මේ වනවිටත් වැසි ඇද හැලෙන අතර, එය නොතකමින් ඔවුන් එහි රැඳී සිටින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

සිය වැටුප් ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා මෙම ආබාධිත විශ්‍රාමික රණවිරුවන්  ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පා ගමනින් පැමිණියේ ලිපියක් භාරදීම සඳහායි.

කෙසේ වෙතත් ඒ සඳහා ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ගෙන් අවස්ථාවක් හිමිවූයේ නැහැ.

එහිදී පොලීසිය සහ ආබාධිත රණවිරුවන් අතර උණුසුම් තත්වයක්ද ඇතිවුණා.

අනතුරුව ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරියෙකුට ලිපිය භාරදුන් ආබාධිත විශ්‍රාමික රණවිරුවන් කොටුව දුම්රියපල ඉදිරිපිටට පැමිණ විරෝධතාවක් ආරම්භ කළා.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ කැඳවුම්කරු යූ.ඩී. වසන්ත සඳහන් කළේ විසඳුම් නොලැබුණහොත් අද පස්වරුව වනවිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවයි.  

මේ අතර වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ආරම්භ කළ වර්ජනය තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.

අද පස්වරුවේ එම සේවාව නියෝජනය කරන සියලූ වෘත්තිය සමිති රැස්වීමට නියමිත අතර, එහිදී ඉදිරි පියවර පිළිබඳ අවසන් තීන්දුවකට පැමිණෙන බවයි විශ්වවිද්‍යාල ඒකාබද්ධ වෘත්තිය සමිති කමිටුවේ සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත කියා සිටියේ.


rn


කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More