එස්.බී. ඇතුළු නිදහස් පක්ෂ පිරිසක් බැසිල් හමුවේ ජන්ද ලකුණ ගැනත් තීරණයක්

Thursday, 12 September 2019 - 12:43

%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව ලකුණ හැර වෙනත් ලකුණකින් තරග කිරීමෙන් පළක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ කොළඹ පිහිටි නිවසේ ඊයේ රාත්‍රී පැවැත්වූ සාකච්ජාවකදීයි මෙම තීරණයට එළඹ ඇත්තේ.

එම සාකච්ජාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

එහිදී ජනාධිපතිවරණය මෙන්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම මෙම සාකච්ජාවට පැමිණි සියලූදෙනාගේම මතය වී ඇත්තේ ජනාධිපතිවරණය පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවටයි.   

මේ අතර ඉදිරි මැතිවරණ සඳහා පොහොට්ටුව ලකුණින් තරග කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාසික කමිටු රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගගේ සම්බන්ධීකරණ කාර්යාලයේ මෙම මාසික කමිටු රැස්වීම ඊයේ පැවැත්වුණා.


කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More