මිනුවන්ගොඩ මෙහෙයුමකදි 36 දෙනෙකු අත්අඩංගුවට

Thursday, 12 September 2019 - 13:07

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B6%AF%E0%B7%92+36+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශය තුළ සිදුකළ මෙහෙයුමකදී පුද්ගලයින් 36 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලූයම දක්වා මෙම මෙහෙයුම සිදුකළ අවස්ථාවේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම සැකකරුවන් 36 දෙනා අතර, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් 8 දෙනෙකු, සූදු ක්‍රිඩා කළ පස්දෙනෙකු සහ අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකිවූ සැකකරුවන් 15 දෙනෙකු ද ඇතුළත්.  

වරෙන්තුකරුවන් තුන්දෙනෙකුද ඒ අතර සිටින බවයි පොලීසිය සඳහන් කළේ.