කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගින්නක්

Thursday, 12 September 2019 - 13:45

%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩා කර තිබූ දෙමහල් ගොඩනැගිල්ලේ අද දහවල් හටගත් ගින්නෙන් නඩු භාණ්ඩ විශාල ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යෙදවීමට පියවර ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ දිනවල එම ගොඩනැගිල්ලෙහි අළුත්වැඩියා කටයුතු සිදුකෙරෙමින් පවතින බැවින් ඊට එක්ව සිටි සේවකයන් දෙදෙනෙකු ද ගින්නෙන් සුළු තුවාල ලබා කැකිරාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගින්න හේතුවෙන් නඩු කටයුතුද තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ගොඩනැගිල්ලේ අළුත්වැඩියා කටයුතු සදහා පැස්සුම් සිදුකරන අවස්ථාවේ එහි ගිනි පුපුරු නඩු භාණ්ඩ කාමරයේ තිබූ පුපුරණ ද්‍රව්‍යවලට එක්වීමෙන් ගින්න හටගෙන ඇති බවයි.



කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More