අණ නොතැකූ ධීවර යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධියකට රිමාන්ඩ් කළ නාවික හමුදා සෙබළුන්ට ඇප

Thursday, 12 September 2019 - 17:07

%E0%B6%85%E0%B6%AB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%90%E0%B6%9A%E0%B7%96+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
කෝකිලායි මුහුදු තීරයේදී අණ නොතකා ධාවනය වූ ධීවර යාත්‍රාවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික හමුදා සෙබළුන් 12 දෙනා අද ඇපමත මුදාහැරුණා.

ඒ, ඔවුන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම නාවික සෙබළුන් 12 දෙනාට ඇප ලබාදෙන ලෙස මෝසමක් මගින් නාවික හමුදාව අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර, එය සලකා බැලූ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා නාවික සෙබළුන් 12 දෙනා ඇපමත මුදාහැරීමට තීරණය කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේ.

පසුගිය අගෝස්තු 28 වනදා කෝකිලායි මුහුදු තීරයේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා යාත්‍රාවකට සැකකටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය වූ අතර, ඔවුන්ට නවතන ලෙස නාවික හමුදාව සංඥා කළත් නොනවත්වා යාත්‍රාව ගමන් කිරීම හේතුවෙන් එම බෝට්ටුව දෙසට වෙඩි තබා ඇති බව වාර්තා වුණා.

ඊට අදාළව මෙම නාවික සෙබළුන් 12 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.


කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More