ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ නිදහස්

Thursday, 12 September 2019 - 17:54

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A
ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලූ වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවේ විත්තිකරුවෙකු ලෙස සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නිදහස් කරන ලෙසට අභියාචනාධිකරණය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබෙනවා.

ඒ, අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර ඇති ආකාරය නීතිවිරෝධී බැවින් එම නඩුවෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතිවිරෝධී යැයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගනිමින්.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අනෙකුත් විත්තිකරුවන් හත් දෙනාද ඒ අනුව අදාළ චෝදනාවෙන් නිදහස් කෙරුණා.

ඇවන්ගාඩ් නඩුව සම්බන්ධයෙන් වූ සිය මූලික විරෝධය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය අද පිළිගත්තා.

ඒ අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අල්ලස් කොමිසම ලිඛිත අවසරයකින් තොරව මෙලෙස නඩු පවරා ඇති බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය නීතිඥයින් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සිය මූලික විරෝධතා ගොනුකළද එය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සිය මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකරමින් ඉල්ලා තිබුණේ සිය මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දු බල රහිත කර එහි පැවැත්වෙන නඩු කටයුතු අත්හිටුවන ලෙසයි.

මේ සම්බන්ධයෙන් වූ අභියාචනා පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුණ ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරුන් සඳහන් කළේ එම පෙත්සම පිළිගැනීමට අභියාචනාධිකරණය තීරණය කළ බවයි.

මේ අතර, ගාලූ වරාය ආසන්නයේ මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එළැඹෙන 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද සිතාසි නිකුත් කළා.

ඇවන්ගාඩ් නෞකාව තුළ බලපත්‍ර රහිතව ස්වයංක්‍රීය ගිනි අවි 813 ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂ 935 ක් සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීමට අදාළව චෝදනා 7573 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව අධිචෝදනා ගොනුකර ඇත්තේ.

එදිනට ඔවුන්ට අධිචෝදනා භාරදෙන බවද නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.



කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More