ජනප්‍රිය අපේක්ෂකයා තෝරන්න එජාපයෙන් සිව් පුද්ගල කමිටුවක්

Thursday, 12 September 2019 - 19:26

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියම ජනාධිපති ධූර අපේක්ෂකයා තේරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට තිරණය වී තිබෙනවා.

ඒ, පසුගිය අඟහරුවාදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර පැවැති සාකච්ඡාවේදියි.

එම සාකච්ඡාවද එකඟතාවයකින් තොරව අවසන් වූ අතර, මෙම කමිටුව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ශවයෙන් අමාත්‍ය රාජිත සේනාරත්න, අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි නම් කර තිබෙනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය නියෝජනය කරමින් මෙම විශේෂ කමිටුවට නම් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සහ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරයි.

ජනප්‍රියම ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනට ඉදිරිපත්ව ඇති සමාජ විශ්ලේෂණ වාර්තා සමාලෝචනය කර ජයග්‍රහණය කළ හැකි ජනප්‍රියම අපේක්ෂකයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් යෝජනා කිරීම මෙම කමිටුවේ කාර්ය භාරයයි.


rn


කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More