ගුරු සහ විදුහල්පතිවරුන් වර්ජනයකට සැරසේ

Friday, 13 September 2019 - 7:38

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
වැටුප් විෂමතා සහ ඉගැන්වීම් කාලයේ නිදහසට බාධා එල්ල කිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල්කරගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලබන 26 සහ 27 දිනයන් හි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.

ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සංගම් 30 ක් මෙම සංකේත වර්ජනයට එක්ව බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ.

මේ අතර, විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 04 ක් ගත වනවා.

ඔවුන් එය ආරම්භ කළේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.

එම වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ බලධාරීන් අවධානය යොමු නොකරන්නේ නම් තවදුරටත් අඛණ්ඩව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

එමෙන්ම, සිය වැටුප් ගැටළුවලට විසඳුම් ලබානොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ සියළු තානාපති කාර්යාල වෙත කරුණු දක්වා ලිපි භාරදීමට කටයුතු කරන බව විරෝධතාවයේ නිරත ආබාධිත සහ විශ්‍රාමික රණවිරුවන් පවසනවා.

ඔවුන් මේ වනවිට කොළඹ - කොටුව දුම්රියපල ඉදිරිපිට තවදුරටත් විරෝධතාවයේ නිරත වන්නේ සිය ඉල්ලීම් පිළිබඳ රජයේ අවධානය යොමු නොවීම හේතුවෙන්.