මහවැලි ගඟේ ජල මට්ටම පහලට - ජල හිඟයෙන් පවුල් 20,000 කට පීඩා

Friday, 13 September 2019 - 8:00

%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%B4%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+-+%E0%B6%A2%E0%B6%BD+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+20%2C000+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි පවතිද්දී, තවත් ප්‍රදේශ කිහිපයක ජනතාව තවදුරටත් වියලි කාලගුණයෙන් පීඩා විඳිනවා.

මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහල බැසීම හේතුවෙන් පොළොන්නරුව නගරය ඇතුළු ප්‍රදේශ රැසක පවුල් 20,000 කට අධික සංඛ්‍යාවක් ජල හිඟයකට මුහුණ පා ඇති බව වාර්තා වනවා.

වියලි කාලගුණ තත්ත්වයත් සමඟ මහවැලි ගෙඟ් ජල මට්ටම මෙලෙස පහළ බැස ඇති බවටයි ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලයේ පොළොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු රවීන්ද්‍ර කරුණාතිලක සඳහන් කළේ.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේත් තවදුරටත් පවතිනු ඇති බවයි.

ඒ අනුව අද දිනයේදීත් නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම සහ උතුරු පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක කියා සිටියා.