ශාන්ත බණ්ඩාර යළි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට - ගජධීරගේ ස්ථානය මනෝජ් සිරිසේනට

Friday, 13 September 2019 - 9:51

%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%9C%E0%B6%A2%E0%B6%B0%E0%B7%93%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B8%E0%B6%B1%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B6%A7
පුරප්පාඩුව පවතින එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යළි නම් කර තිබෙනවා.

එම සන්ධානයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඔහුගේ නම ඊයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළ බවයි.

කුරුණෑගල දිස්ත්‍රික් නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි සාලින්ද දිසානායකගේ අභාවයෙන් පසු සන්ධාන ලැයිස්තුවේ මීළඟට වැඩි ඡන්ද ලබාගෙන සිටි ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා.

ඒ, හිස් වූ මන්ත්‍රී ධූරයට මනාප ලැයිස්තුවෙන් පත්වීම සඳහායී.

කෙසේ වෙතත්, නීතිපතිවරයා ලබාදුන් උපදෙස් සැලකිල්ලට ගනිමින් එම ධූරයට හිටපු පළාත් සභා මන්ත්‍රී එච්.එම්.ඞී.බී. හේරත් පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනු ලැබුවා.

එවන් පසුබිමකයි පුරප්පාඩුව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ශාන්ත බණ්ඩාරගේ නම යළි යෝජනා කර ඇත්තේ.