හෙරොයින් ගෙන ආ පාකිස්තාන ජාතිකයින් 07 කට දිවි ඇති තෙක් සිරදඬුවම්

Friday, 13 September 2019 - 11:37

%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+07+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
මෙරටට හෙරොයින් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම, ජාවාරම් කිරීම යන චෝදනා යටතේ පාකිස්තාන ජාතිකයින් 07 දෙනෙකු ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා.

පසුගිය මස 28 වැනිදා මීගමුව මහාධිකරණය විසින් අදාළ චූදිතයන්ට එරෙහිව මෙම තීන්දුව ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූවන් අතර, කාන්තාවක්ද සිටිනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මීගමුව මහාධිකරණයේ මෙම නඩු පවරා තිබූ අතර, සැකකරුවන් හය දෙනා සහ සැකකාරිය ඉහත චෝදනා 03 ටම වරද පිළිගැනීමෙන් පසුවයි මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇත්තේ.

අවස්ථා කිහිපයකදී මෙම පාකිස්තාන ජාතිකයන් දිවයිනට හෙරොයින් රැගෙනවිත් තිබූ අතර, හෙරොයින් ගිල පැමිණි සැකකරුවන් මෙන්ම කිලෝග්‍රෑම් 08 කට වැඩි හෙරොයින් තොගයක් රැගෙන ආ සැකකරුවෙකුද මෙම පිරිසට ඇතුළත්.