ජගත් මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාවෙන් පසු විපරම් වාර්තාවක්

Friday, 13 September 2019 - 12:33

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත පසු විපරම් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, 2015 වසරේ මෙරට සංචාරයක නිරත වූ මානව හිමිකම් මණ්ඩලයේ බලහත්කාරයෙන් හෝ අකැමැත්තෙන් අතුරුදන් කිරීම පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳවයි.

එමෙන්ම, පසුගිය වසර කිහිපය තුළ මානව හිමිකම් ප්‍රතිසන්ධානය, ආරක්ෂාව සහ ප්‍රවර්ධනය සඳහා වූ ප්‍රමුඛතාවන්ට අනුකූල වන පරිදි මානව හිමිකම් මණ්ඩල නිර්දේශ රැසක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව යොමු වූ බවයි එමඟින් පෙන්වා දී ඇත්තේ.

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 42 වන සැසිවාරය වෙත අදාළ පසු විපරම ඉදිරිපත් කරනු ලැබූයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් විසින්.

සියළු පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව අත්සන් තැබූයේ ක්‍රියාකාරී කණ්ඩායමේ සංචාරයෙන් අනතුරුව බවයි ඇය පෙන්වා දුන්නේ.

එමෙන්ම, සියලූ රැඳවුම් ස්ථානවලට බාධාවකින් තොරව ප්‍රවේශවීමට අවකාශ ලබාදෙමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සමඟ ගිවිසුමකට එළැඹුණු බවද ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය පෙන්වා දුන්නා.

අතුරුදන්වූවන් පිළිබඳ ස්වාධීන කාර්යාලයක් 2016 වසරේ ආරම්භ කිරීමද වැදගත් සන්ධිස්ථානයක්.

මේ වනවිට එය මුළුමනින්ම ක්‍රියාත්මක වන අතර, යාපනය ඇතුළුව ප්‍රාදේශීය කාර්යාල තුනක්ද පිහිටුවා තිබෙනවා.

අතුරුදන්වූවන් පිළිබඳ ස්වාධීන කාර්යාලයේ අතුරු වාර්තාවේ නිර්දේශ අනුව අතුරුදන්වූවන් බවට සහතිකයක් හිමි පවුල්වලට මේ වසරේ ඔක්තෝම්බරයේ සිට රුපියල් 6000 ක මාසික දීමනාවක් ලබාදීමට නියමිතයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන්ද සිහිපත් කළ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය අභියෝග රැසක් මධ්‍යයේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතියට නිසි පිළිගැනීමක් ලබාදෙන ලෙස ජගත් මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක්ද කළා.



දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More