කංජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා ඇතුළු හයදෙනා රිමාන්ඩ්

Friday, 13 September 2019 - 13:00

%E0%B6%9A%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%2C+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන රැගෙන ගිය ඔහුගේ පියා, සොහොයුරා ඇතුළු හයදෙනා ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, ඔවුන් ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් බැලීම සඳහා ඔහුගේ පියා, සොහොයුරා සහ ඥාතීන් සිව් දෙනෙකු ඊයේ බූස්ස බන්ධනාගාරයට පැමිණ තිබුණා.

ඒ, ඊයේට යෙදී තිබූ සිරකරු සුබසාධක දිනය නිමිත්තෙන්  ඕනෑම අයෙකුට රැඳවියන් බැලීමට ලබාදී තිබූ අවස්ථාවට අනුවයි.

එහිදී ඔවුන් කංජිපානි ඉම්රාන්ට ලබාදීමට රැගෙන ආ ආහාර අඩංගු භාජන බන්ධනාගාර නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්ව තිබූ අතර, එම භාජන දෙකෙහි විශේෂයෙන් සකසන ලද කොටසක් තුළ තිබී ජංගම දුරකතන දෙකක්, එම ජංගම දුරකතන දෙකෙහි චාජර් දෙක හා අඟල් 15 ක් පමණ දිග වයර් කැබැල්ලක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වුණා.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කංජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා සහ ඥාතීන් සිව් දෙනා වැඩිදුර විමර්ශන සඳහා රත්ගම පොලිසිය වෙත ඊයේ භාරදෙනු ලැබුවා.

රත්ගම පොලිසිය ඔවුන් අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.