සජිත් හෙට සුළු පක්ෂ නියෝජිතයන් හමුවේ

Friday, 13 September 2019 - 13:03

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලූ සුළු පක්ෂ නායකයින් සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක්  හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා  කෙරෙනු ඇති බවයි සුළු පක්ෂ නියෝජිතයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.

 පසුගිය අඟහරුවාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකචඡාවේදී  අග්‍රාමාත්‍යවරයා, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාසට දැනුම් දී තිබුණේ සුළු පක්ෂවල සහය රැගෙන පැමිණෙන ලෙසයි.

ඒ අනුව හෙට දිනයේදී අදාළ සාකච්ඡාවේ  පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ.