එජාපෙ නායකයන් සහ ඇමති සජිත් ප්‍රේමදාස අතර හෙට තීරණාත්මක සාකච්ඡාවක්

Friday, 13 September 2019 - 19:11

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B7%83+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර සාකච්ඡාවක් හෙට පැවැත්වෙනවා.

එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයෙකුගේ කොළඹ පිහිටි නිවසේදී හෙට රාත්‍රියේ මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිදුකළ ආරාධනාවකට අනුව බවයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ.

පසුගිය අඟහරුවාදා , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර පැවති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබුණේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර පැමිණෙන ලෙසයි.

ඒ අනුව හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂවල නායකයින් අතර සාකච්ඡාවක් පවත්වා සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියා.

මේ අතර, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා කියා සිටියේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බලයද නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පාර්ශවය සතු බවයි.

කෙසේ වෙතත්, අමාත්‍ය අර්ජුණ රණතුංග අද ජාඇලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවයි.