පුතු විසින් වගා ළිඳට දැමූ වටවල මවගේ සිරුර ගොඩ ගැනේ - ලේලිය සහ මුණුබුරාත් අත්අඩංගුවට

Friday, 13 September 2019 - 19:08

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F+%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B7%80%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%80%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+-+%E0%B6%BD%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%B6%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වටවල - රොසැල්ල - විග්ටන් වතුයායේ පදිංචිව සිට අතුරුදන් වූ 81 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ලේලිය සහ මුණුබුරාද සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මියගිය කාන්තාවගේ පුත්‍රයා ඇතුළු තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම කාන්තාව ඝාතනය කර නිවස පිටුපස ළිඳකට දැමූ බවට සැකකරුවන් කළ පාපොච්චාරණය අනුව අද පෙරවරුවේ හැටන් වැඩබලන මහේස්ත්‍රාත් සංජීව ෆොන්සේකා ඉදිරියේ මෘත ශරීරය ගොඩගනු ලැබුවා.

සිරුර ගොඩගන්නා අවස්ථාවේ එම ස්ථානයට රැගෙනවිත් සිටි සැකකරුවන්ට ප්‍රදේශවාසීන් පහරදීමට උත්සාහ කර ඇති අතර, පොලිසිය මැදිහත් වී එය වළක්වා සැකකරුවන් එම ස්ථානයෙන් රැගෙන ගිය බව සඳහන්.

සැකකාර පුතු මවගේ සිරුර වගා ළිඳට දමා ඇත්තේ එය ගොඩ නොඑන ලෙස විශාල ගල් කිහිපයක්ද සිරුර මතට දමමින්.

සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය දික්ඔය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය විසින් සිදුකිරීමට නියමිත අතර, ඒ අනුව අදාළ කාන්තාවගේ මරණය ඝාතනයක්ද යන්න තහවුරු කරගත හැකි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.