නිදහස් සන්ධානයෙන් පොදුජන පෙරමුණට අවවාද

Friday, 13 September 2019 - 19:18

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකරන ප්‍රකාශ දෙපාර්ශවය අතර සන්ධානය ගොඩනැගීම සඳහා ගැටළු සහගත වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා.

අම්බලන්තොට අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවයි.