සියොන් ප්‍රහාරකයාගේ සිරුරු කොටස් වළ දමන්න තවම තැනැක් නැහැ

Saturday, 14 September 2019 - 19:07

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%85+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%90%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
මඩකලපුව - කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ වළදමා තිබූ, පාස්කු ඉරිදා සියොන් දේවස්ථානට ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස සහ අනෙකුත් සිරුරු කොටස් යළි වළදැමීම මේ වනවිට අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා.

එම සිරුරු කොටස් අධිකරණ නියෝගයක් මත පසුගියදා යළි ගොඩගනු ලැබුවේ එම කොටස් මඩකලපුව - කල්ලියන්කාඩු හින්දු සුසාන භූමියේ වළ දැමීමට එරෙහිව පසුගිය දිනවල විරෝධතා එල්ල වීමත් සමඟයි.

මෙම ත්‍රස්තයාගේ සිරුරු කොටස් දැනට මිහිදන් කර ඇති ස්ථානයෙන් ගොඩගෙන නිශ්චිතව එය මිහිදන් කිරීම සඳහා ස්ථානයක් හඳුනා ගෙන එම ස්ථානයේ තැන්පත් කරන ලෙසටයි  මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළේ.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරකයාගේ සිරුරු කොටස් මඩකලපුව දිස්ත්‍රික්කයේ කිසිදු ස්ථානයක වළ දැමීමෙන් වළකින්නැයි පසුගියදා මඩකලපුව දිස්ත්‍රික් සර්ව ආගමික නායකයින් අතර පැවති සාකච්ඡාවකදි එම නියෝජිතයන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම් උදය කුමාර්ට ප්‍රකාශ කර තිබෙනවා.

දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන්ද ප්‍රහාරකයාගේ සිරුරු කොටස් තම වසම් තුළ තැන්පත් කිරීමට විරෝධය පළ කරන බවයි.

ඒ අනුව ගොඩ ගත් හිස ඇතුළු සිරුරු කොටස් තවමත් මඩකලපුව මහරෝහලේ තැන්පත් කර ඇති අතර, ඒවා ලබන 26 වනදාට පෙර වළදමන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා. එහෙත් ඒ සඳහා මෙතෙක් නිශ්චිත ස්ථානයක් තෝරාගැනීමට හැකිවී නැහැ.