අර්බුදය මේ සතිය තුළ විසඳිය යුතුයි - එජාපෙ නායකයන්ගෙන් තීරණයක් - සජිත්, දෙමළ සන්ධාන හමුව අද

Sunday, 15 September 2019 - 6:36

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B7%99+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF
ජනාධිපති අපේක්ෂක අර්බුදය ඉදිරි සතිය තුළ විසඳිය යුතු බවට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් එකඟතාවකට පැමිණ තිබෙනවා.

ඒ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සමඟ මංගල සමරවීර අමාත්‍යවරයාගේ නිවසේ ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදීයි.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන්,  පලනි දිගම්බරම්, මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර එක්වුණා.

රාත්‍රී 9.30 පමණ වනවිට අමාත්‍යවරුන් සාකච්ඡාව සඳහා පැමිණි අතර, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා රාත්‍රි 10 ට පමණ ඊට එක්වූ බවයි වාර්තාවන්නේ.

මෙහිදී ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීන්දුව, සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ප්‍රකාශයට පත් කිරීමට එකඟ වන බවයි අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ.

මේ අතර කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිය යුතු බවට වන නිර්දේශය පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අදහස් පළ කළා.

ඒ ඊයේ රාත්‍රියේ අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.