යාපනයේ වැලි වැටලීමක් අතරතුර වෙඩි තැබීමක්

Sunday, 15 September 2019 - 7:43

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
යාපනය - අරියාලේ ප්‍රදේශයේදී නීතිවිරෝධී වැලි ජාවාරම් සිදුකළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ට්‍රැක්ටර් රථයකින් පුද්ගලයින් පිරිසක් වැලි ප්‍රවාහනය කරමින් සිට ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එම ට්‍රැක්ටර් රථය නතර කිරීමට නියෝග කර තිබුණා.

එම අවස්ථාවේදි එහි රියදුරු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යටකර පලායාමට උත්සාහ දරා තිබූ අතර, එහිදී ට්‍රැක්ටර් රථය නැවැත්වීමට එහි රෝදවලට වෙඩි තබා ඇති බවයි  වාර්තාවන්නේ.  

එහිදී පාදයට තුවාල සිදුවූ එම ට්‍රැක්ටර් රථයේ රියදුරු පසුව අත්අඩංගුවට ගෙන ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

එම අවස්ථාවේදී තවත් පුද්ගලයින් 10 දෙනෙකු පමණ එම ට්‍රැක්ටරයේ ගමන් කර ඇති අතර, වෙඩි තැබීමත් සමඟ ඔවුන් පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පලාගිය සැකකරුවන් සොයා පොලීසිය මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එම ප්‍රදේශයේ කළක සිට අනවසර වැලි ජාවාරම් සිදුකරන බවට ලද තොරතුරකට අනුවයි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබුණේ.