හොංකොං විරෝධතාකරුවන් බ්‍රිතාන්‍ය ජාතික ගීය ගයයි

Sunday, 15 September 2019 - 14:13

%E0%B7%84%E0%B7%9C%E0%B6%82%E0%B6%9A%E0%B7%9C%E0%B6%82+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%93%E0%B6%BA+%E0%B6%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
15 වන වරටත් සති අන්ත විරෝධතාවන්ට එක්වූ හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂකයන් අද බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය ඉදිරිපිට එක්රැස්වී බ්‍රිතාන්‍ය ජාතික ගීය ගායනා කළ බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඔවුන් බ්‍රිතාන්‍ය ධජ ලෙළවමින් හොංකොං හි ස්වාධීනත්වය රැකීමට චීනයට බල කරන ලෙස ඉල්ලා සිටි බව සඳහන්.

පසුව හොංකොං හි වීථි වලට රැස්වූ විරෝධතාකරුවන්ට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කළ අතර, ඔවුන් ගල් - මුල් සහ පෙට්‍රල් බෝම්බ වලින් පහර දී තිබෙනවා.

1 වන අබිං යුද්ධය අවසානයේ 1898 වසරේ බ්‍රිතාන්‍යයට 99 වසරක බද්දට ලබාදුන් හොංකොං දිවයින 1997 වසරේ නැවතත් චීනයට හිමිවූ අතර, කොමියුනිස්ට් බලධාරීන් පොරොන්දු වූයේ එරට පාලනය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමටයි.

කෙසේ නමුත් චීනය එම ප්‍රතිඥාව උල්ලංඝනය කර ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා.

මේ අතර මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතවන චීන යොවුන් ක්‍රියාකාරිකයෙකු වන ජොෂුවා වොං, හොංකොං දිවයිනේ ස්වාධීනත්වය උදෙසා සහය වන්නැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකානු කොංග්‍රසයෙන් ඉල්ලා සිටියා.