එජාපෙ පිරිසක් ටී.එන්.ඒ. හමුවෙයි - අපේක්ෂකයා ගැන කතා කරන තවත් හමුවක් අරලියගහ මන්දිරයේ

Sunday, 15 September 2019 - 19:00

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B7%99+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%84+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති එකමුතුවේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් අතර හමුවක් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම මත පමණක් ජයග්‍රහණය කිරීමට නොහැකි අතර, පුළුල් බලවේග එක්කොට ඒ සඳහා වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතු බවයි.

ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ඉදිරිපත් කළ යුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

එම සියළු කරුණු සලකා බලා අපේක්ෂකයා නම් කිරීම ක්‍යාතෘධිකාරී මණ්ඩලයේදී සිදුකරනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම නියෝජිතයින්ට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධානය අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව පසුවට කල් තබා තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කිරීමට ප්‍රථම අමාත්‍ය සජිත් ප්‍රේමදාස හමුවීමට දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අකමැත්ත පළ කර ඇති බවයි.

කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානය සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇති.

එවන් පසුබිමකයි අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, මංගල සමරවීර, මලික් සමරවික්‍රම යන අය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හමුවී ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත්තේ.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ද එක්ව සිටියා.