ව්‍යාජ මැණික් අලෙවි කළ පුද්ගලයෙකු කුරුණෑගලදී අත්අඩංගුවට

Monday, 16 September 2019 - 9:06

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%91%E0%B6%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මැණික් ගල් බව පවසා ව්‍යාජ ප්ලාස්ටික් කැබලි අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු කුරුණෑගලදිී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල - බමුණාවල ප්‍රදේශයේ නිධානයකින් ලබාගත් මැණික් අලෙවි කරන බවට කුරුණෑගල පොලීසියට ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්ණකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේ ඉඩමක තිබූ නිධානයකින් ඒවා ලබාගත් බවටයි.

එමෙන්ම අදාළ ස්ථානයේ තවත් නිධන් වස්තු ඇති බවට සැකකරු කළ ප්‍රකාශයක් අනුව කුරුණෑගල පොලීසිය එම ස්ථානය පරීක්ෂාවට ලක් කර රන් පැහැති හිඳි බුදු පිළිම 4 ක් සහ කැඩී ගිය පිත්තල පහනක් සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දඹදෙණිය සහ යටිගල්ඔළුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.