හංවැල්ල වෙඩි තැබීම ඌරුජුවා මෙහෙය වූ බවට හෙලිවේ

Monday, 16 September 2019 - 9:41

%E0%B7%84%E0%B6%82%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%8C%E0%B6%BB%E0%B7%94%E0%B6%A2%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%9A
හංවැල්ල - ඇඹුල්ගම ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම, මේ වනවිට අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින දිනිත් මෙවන් මාබුල හෙවත් ඌරුජුවා නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ මෙහෙයවීම යටතේ සිදුකළ එකක් බවට හෙළි වී තිබෙනවා.

මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයින් පිරිසකට වෑන් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි කණ්ඩායමක් විසින් මෙලෙස වෙඩි තබා තිබූ අතර, එහිදී අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ සුරේෂ් රුවන්ත ගුණසිංහ නමැති රණාල - ජල්තර  ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.

26 හැවිරිදි ඉඳුනිල් වජිර කුමාර නමැත්තා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරු කර යැවුණේ කොළඹ ජාතික රෝහලටයි.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මේ වනවිට අවිස්සාවේල්ල රෝහලේ රඳවා සිටිනවා.

යතුරුපැදියෙන් පැමිණි දෙදෙනා වෙඩි තැබීම සිදුකර ඇති බවට මේ වනවිට අනාවරණ වී ඇති අතර, එම යතුරුපැදිය සහ අනෙක් සැකකරුවන් පැමිණි වෑන් රථය අද අලුයම සොයා ගනු ලැබුවා.

එසේම, වෑන් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු ද හංවැල්ල පොලීසිය අත්අඩංගුවට ගත් අතර, උරුජුවාගේ කල්ලිය සහ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලියක් අතර, කලක පටන් පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

වෙඩි ප්‍රහාර එල්ල කළ යතුරුපැදියේ පැමිණි සැකකරුවන් දෙදෙනා සහ වෑන් රථයේ පැමිණි අනෙක් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මේ වනවිට මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙනවා.