සත්‍යග්‍රහයේ නිරත රණවිරුවන්ට ජනපති කාර්යාලයෙන් කැඳවීමක්

Monday, 16 September 2019 - 11:11

%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කැඳවීමක් ලැබී ඇතැයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පවසනවා.

එහි සභාපති යූ.ඩී. වසන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ සාකච්ඡාව සඳහා තම සංගමයේ නියෝජිතයන් තුන්දෙනෙකුට අද පැමිණෙන ලෙස දැනුම්දීමක් කර ඇති බවයි.

ඒ අනුව අදාළ සාකච්ඡාවට සහභාගිවීම සඳහා තම සංගමයේ නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාමට සූදානමින් සිටින බවද සභාපතිවරයා සඳහන් කළා.

ජීවිතාන්තය දක්වා ලබාදෙන බවට පොරොන්දු වූ වැටුප් කප්පාදුවට එරෙහිව ආබාධිත රණවිරුවන් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 6 ගත වනවා.