රුපියල් ලක්ෂ 14 ක් කොල්ලකෑ පුද්ගලයෙකු කඳානේදී අත්අඩංගුවට

Monday, 16 September 2019 - 11:12

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+14+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%B3%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් ලක්ෂ 14 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ - බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයක් අනුව ඊයේ එම සැකකරු කඳාන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මැණික් ගලක් මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී මෙම කොල්ලය සිදුවූ බවට කඳාන පොලීසියට පසුගිය 5 වනදා පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව අත්අඩංගුවට ගත් 35 හැවිරිදි සැකකරු අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.