Update - යළි ජනපති පරීක්ෂණ කොමිසමට පැමිණි අගමැති පිටව යයි

Monday, 16 September 2019 - 12:34

Update+-++%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අද දිනයේ දෙවන වරට ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනපති පරීක්ෂණ කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා.

අද පෙරවරු 9.30ට මෙම කොමිසම හමුවට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැය දෙකකට ආසන්න කාලයක් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව ඉන් පිටත්ව ගියේ මංගල උත්සවයකට සහභාගිවීම සඳහායි.

පසුව යලි පස්වරු 1.30 ට පමණ අග්‍රාමාත්‍යවරයා සාක්ෂි ලබාදීම සඳහා එම කොමිසමට පැමිණි බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි රාජගිරියේ ඩී.පී.ජේ. ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහායි අග්‍රාමාත්‍යවරයා මෙලෙස කොමිසම හමුවේ පෙනී සිටින්නේ.



Update :MONDAY, 16 SEPTEMBER 2019 - 04:00
------------------------------------------------------------
rn
2015 - 2018 වසර වල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවට අද දිනයේ දෙවන වරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැමිණ තිබෙනවා.

පෙරවරු 9.30ට මෙම කොමිසම හමුවට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැය දෙකකට ආසන්න කාලයක් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව ඉන් පිටත්ව ගියේ මංගල උත්සවයකට සහභාගිවීම සඳහායි.

පසුව යලි පස්වරු 1.30 ට පමණ අග්‍රාමාත්‍යවරයා සාක්ෂි ලබාදීම සඳහා එම කොමිසමට පැමිණි බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි රාජගිරියේ ඩී.පී.ජේ. ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහායි අග්‍රාමාත්‍යවරයා මෙලෙස කොමිසම හමුවේ පෙනී සිටින්නේ.

-------------------------------------------------------------------------

අගමැති වංචා දූෂණ සොයන ජනපති කොමිසමට - MONDAY, 16 SEPTEMBER 2019 - 12:34

2015 - 2018 වසර වල රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත අද පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැය එය දෙකකට ආසන්න කාලයක් සාක්ෂි දීමෙන් අනතුරුව පිටව ගොස් තිබෙනවා.

කොමිසන් සභාව නිකුත් කළ සිතාසියකට අනුව පෙරවරු 9.30 ට පමණ අග්‍රාමාත්‍යවරයා මෙම කොමිසම හමුවට පැමිණි අතර, පසුව පෙරවරු 11 ට පමණ ඉන් පිටව ගිය බවයි  එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

තමන්ට අද පැවැත්වෙන මංගල උත්සවයකට සහභාගිවීමට අවස්ථාව සළසා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී කොමිසමෙන් ඉල්ලා සිටි අතර, ඊට අවස්ථාව සළසා දෙමින් කොමිසම ප්‍රකාශ කර ඇත්තේ යළිත් පස්වරු 1.15 ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා අද පස්වරු 1.15 ට යළි එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව කොමිසමේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි රාජගිරියේ ඩී.පී.ජේ. ගොඩනැගිල්ල කුලී පදනම මත ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශණයකට අදාලව පසුගිය 12 වනදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි අග්‍රාමාත්‍යවරයාට සිතාසි නිකුත් කර තිබුණා.

එහෙත් මන්නාරම ප්‍රදේශයේ උත්සව කිහිපයකට සහභාගිවීමට නියමිත බැවින් එදින කොමිසම හමුවට පැමිණිය නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබුණේ.

ඒ අනුව අද දිනයේ ජනාධිපති කොමිසන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට අග්‍රාමාත්‍යවරයාට පසුගිය බදාදා යලි සිතාසි නිකුත් කෙරුණා.

ඒ අනුව කොමිසමට පැමිණි අග්‍රාමාත්‍යවරයා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් එවකට කෘෂිකර්ම විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දුමින්ද දිසානායකට එම අමාත්‍යාංශය පිහිටුවීම සඳහා මෙම ගොඩනැගිල්ල නොව සුදුසු ගොඩනැගිල්ලක් ලබා ගන්නා ලෙස දැනුම් දුන් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර, හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකගෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායකගෙන් ද කොමිසම සාක්ෂි ලබා ගෙන තිබුණා.