එජාපයේ කෘත්‍යාධිකාරිය ලබන සතියේ රැස්වේ

Monday, 16 September 2019 - 12:42

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීන්දුවක් ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන එම හමුවේදී දැනට යෝජනාවී ඇති නම් සියල්ල සළකා බැලීමෙන් අනතුරුව අපේක්ෂකයා  නම් කරනු ඇති බවයි.

සිවිල් සංවිධාන නියෝජිතයන් ඊයේ හමුවූ අවස්ථාවේදී පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය ජනාධිපතිවරණ අපේක්ෂකයා තීන්දු කරනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද සඳහන් කර තිබුණා.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබුණේ ඉදිරිපත්වීමට අපේක්ෂා කරන පුද්ගලයන් සිය වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කළ යුතු බවයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අරලියගහ මන්දිරයේදියි. ජනාධිපති අපේක්ෂක අර්බුදය පිළිබඳවද මෙහිදී මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසනු ඇති බවයි වාර්තාවන්නේ.

මීට අමතරව එළඹෙන පාර්ලිමේන්තු සතියේ ආණ්ඩුවේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ අතර මහනුවර ඊයේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක කියා සිටියේ අභ්‍යන්තර සාකච්ඡාවක් මගින් ගැටළු විසඳීමට නොහැකිවීම නිසා එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුදයක් හටගෙන ඇති බවයි.