පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ, එජාප මන්ත්‍රිනී දුලක්ෂි යළි රිමාන්ඞ්

Monday, 16 September 2019 - 16:34

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85%2C+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනි දුලක්ෂි ප්‍රනාන්දු, මේ මස 23 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව අද මාරවිල දිසා විනිසුරු සිරිමෙවන් මහේන්ද්‍ර රාජා හමුවේ කැදවූ අවස්ථාවේදියි. එහිදී මහේස්ත්‍රාත්වරයා ඇගේ වැඩිමහල් සහෝදරිය ඇප මත මුදා හැර තිබෙනවා.

මන්ත්‍රීවරියගේ බාල සහෝදරිය වෙන්නප්පුව - සීනෝර් මංසන්ධියේදී පසුගිය මස 18 වන දා රාත්‍රියේ පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ රියදුරු බලපත්‍රය සහ අනෙකුත් අවසර පත්‍ර නොමැතිව අධික වේගයෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීයි.

කෙසේ වෙතත්, පසුව එහි පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය, ඇගේ පියා සහ වැඩිමහල් සහෝදරිය පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අතර, ඊට අදාළව පොලීසිය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ.