මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරුන් අතර හමුවක්

Tuesday, 17 September 2019 - 7:24

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වීම නියමිතයි.

එමෙන්ම, ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිසමේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ රැස්වුණා.

එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව ද සාකච්ඡාවට බඳුන් වී ඇති බවටයි වාර්තා වන්නේ.

ඊයේ සිට දින 14ක් ඇතුළත ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව පවතින බවයි කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ.