ජී.එල්.ගේ ප්‍රකාශයට එකඟ නොවන බව නිදහස් පක්ෂය කියයි

Tuesday, 17 September 2019 - 7:00

%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සලකුණ යටතේ ඉදිරිපත් වී මහමැතිවරණයේදී වෙනත් සලකුණක් යටතේ ඉදිරිපත්වීමට කැමැත්ත පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ සිදුකළ ප්‍රකාශයට කිසිසේත් එකඟ නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ පොහොට්ටුව සලකුණ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් ඊට ඡන්දය භාවිතා කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි.

මේ අතර, ජනාධිපතිවරණයට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ සමඟ එක්වනු ඇතැයි තමා විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රකාශ කළා.

ඒ, ඊයේ රාත්‍රියේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.