7 වන දිනටත් රණවිරුවන් සත්‍යග්‍රහයේ

Tuesday, 17 September 2019 - 7:30

7+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%9A
සිය ගැටළුවට නිසි විසදුමක් ලැබෙන තුරු තවදුරටත් අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වන බව විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන් පවසනවා.

7 වන දිනටත් ඔවුන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත වන අතර, ඊයේ දින නියෝජිතයන් කිහිපදෙනෙකු සාකච්ජාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය ද, ඔවුන්ගේ ගැටලුවට නිසි විසඳුම් ලැබී තිබුණේ නැහැ.

අනතුරුව ඔවුන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවුණා.

එහිදී ජීවිතාන්තය දක්වා සියලු වැටුප් හා දීමනා ලබාදීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව අද දිනයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවටයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, ඊයේ දිනයේදීත් සිවිල් සංවිධාන, පූජ්‍ය පක්ෂය ඇතුළු තවත් පිරිස් රණවිරුවන්ගේ සත්‍යග්‍රහයේ නිරත වන ස්ථානයට පැමිණ තිබුණා.