දිවයින පුරා ලංගම සේවකයින් වර්ජනයක

Tuesday, 17 September 2019 - 8:32

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ගමනගමන මණඩලයේ සේවකයන් ආරම්භ කර ඇති වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සමන් පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඩිපෝ 80ක සේවකයින් මේ වන විට වර්ජනයට එක්ව සිටින බවයි.

වර්ජනය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ශ්‍රී ලංගම බස්රථ ධාවනය නොවීම නිසා ග්‍රාමීය ජනතාව අද දිනයේ අපහසුතාවයට පත්වූ බව හිරු වාර්තාකරුවන් සඳහන් කළා.

වර්ජනයට සමගාමීව අවිස්සාවේල්ල ඩිපෝවේ සේවකයින් අද එම ඩිපෝව ඉදිරිපිට විරෝධතාවක ද නිරත වුණා.

මේ අතර, වැටුප් විෂමතා මුල් කර ගනිමින් හෙට පෙරවරු 8 සිට දිවයින පුරා රෝහල් වල පැය 24 ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවසනවා.

කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි උප ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මේ බව කියා සිටියා.