සජිත්, කබීර්, මංගල ඇතුළු පිරිසක් විශේෂ මාධ්‍ය හමුවක

Tuesday, 17 September 2019 - 12:43

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%B6%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය තමාට ලැබෙනු ඇති බවට පූර්ණ විශ්වාසයක් පවතින බව නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ කොළඹ පිහිටි නිවසේ අද උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තමන් ජනාධිපති ධුර අපේක්ෂත්වය සඳහා ඉල්ලුම් කරන බවට දැනුවත් කරමින් ඔහු ඊයේ දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් මගින් ද දැනුම් දී තිබුණා.

එවන් පසුබිමකයි අද ඔහු මෙම මාධ්‍ය හමුව කැදවා තිබුණේ. මාධ්‍ය හමුවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුමබණ්ඩාර සහ චන්ද්‍රානි බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මේ අතර, එක්සත් ජාතික පෙරමුණේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් ද අද පස්වරු 4ට පමණ පැවැත්වෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.