හොරොව්පතානේ විදුහල්පති ඇතුළු 10 දෙනා යළි රිමාන්ඩ්

Tuesday, 17 September 2019 - 12:46

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+10+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් හොරොව්පතාන ප්‍රදේශයේ විදුහල්පතිවරයා ඇතුළු 10 දෙනා ලබන මස 1 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් කැබිතිගොල්ලෑව දිසා මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද සිල්වා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය මැයි මස 17 වන දා අත්අඩංගුවට ගත් මෙම පිරිසට හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු, ඉංජිනේරුවරයෙකු ඇතුළු පිරිසක් ඇතුළත්.

මේ අතර, කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් අත්අඩංගුවට ගත් ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින්ගෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

එම සංවිධානයේ නායකයා විසින් ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් අන්තවාදයක් ඇති කිරීම සඳහා මූලාරම්භය ගෙන ඇති අතර, පසුව ඔහු විසින් 500කට වැඩි පිරිසකට දේශන ද පවත්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම දේශනවලට සහභාගි වූ විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයින් පසුව තව්හිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් වෙත භාර දී සිටි බව සදහන්.