රණවිරු වැටුප් ගැටළුව අමාත්‍ය මණ්ඩලයේ අවධානයට - කැබිනට් පත්‍රිකාව ඉදිරි සතියේදී

Tuesday, 17 September 2019 - 12:49

%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+-+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93
ආබාධිත රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා ලබාදෙන ලෙස ඉල්ලා ආබාධිත රණවිරුවන් පිරිසක් කොටුව දුම්රියපල ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය 07 වන දිනටත් අද ක්‍රියාත්මකයි.

මෙම ගැටලුවට විසදුම් ලබාදෙන ලෙස බලකරමින් අක්මීමන ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ද අද පැවති මාසික සභා රැස්වීමේදී විරෝධතාවක නිරත වුණා.

මන්ත්‍රීවරුන්ට වැටුප් ලක්ෂ දෙකකින් වැඩිවෙයි - රණවිරුවන් මහපාරේ යනුවෙන් වැකි සඳහන් පුවරු අතැතිවයි ඔවුන් විරෝධතාවයේ නිරත වුණේ.

ශ්‍රී ලංකා ජාතික රණවිරු බලවේගය අද පිටකොටුව බෝධිය ඉදිරිපිටදි දේව කන්නලව්වක් ද සිදුකලේ අබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට සහාය පලකරමින්.

පසුව ඔවුන් පාගමනින් කොළඹ දුම්රියපොළ ඉදිරිපිටට පැමිණ අබාධිත රණවිරුන්ගේ සත්‍යග්‍රහයට එක්වුණා.

මේ අතර, විශ්‍රාමික සහ අබාධිත රණවිරුවන්ගේ වැටුප් ගැටලු‍ව සම්බන්ධයෙන් අද පැවති කැබිනට් හමුවේදී සාකච්ඡාවට භාජනය වී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී සදහන් කර ඇත්තේ අබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් වලට කඩිනම් විසදුම් ලබාදීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

ඒ අනුව පුර්ණ අබාධිත රණවිරුවෙකුට ජිවිතාන්තය දක්වා සම්පූර්ණ වැටුප ලබාදීමටත්, අර්ධ ලෙස අබාධිත වූ රණවිරුවෙකුට වැටුපෙන් සියයට 50ක් ලබාදීමටයි යෝජනා වී ඇත්තේ.

එම වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් ලබන සතියේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදි මුදල් අමාත්‍ය මංගල සමරවීරට උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, සත්‍යග්‍රහයේ නිරත අබාධිත රණවිරුවන් ප්‍රකාශ කලේ මීට අදාල චක්‍රලේඛය නිකුත් වන තුරු සිය සත්‍යග්‍රහය අඛණ්ඩව සිදු කරන බවයි.