ඇවන්ගාඩ් සිද්ධියට අල්ලස් කොමිසම පැවරූ නඩුව ලබන මස 22 වනදා විභාගයට

Tuesday, 17 September 2019 - 14:55

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%BB%E0%B7%96+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83+22+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7
ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකරදීම සඳහා රුපියල් ලක්ෂ 355 ක අල්ලසක්, රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුට ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැඳවනු ලැබුවා.

එහිදී එම නඩුවේ දෙවන විත්තිකාර ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මේ වනවිට සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබන බැවින් ඔහු නොමැතිව නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යෑමට සූදානම් බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් නියෝග කළේ මෙම නඩුව ලබන ඔක්තෝම්බර් 22 වනදා යළි කැඳවන ලෙසයි.