කෘත්‍රිම රා නිපදවූ ස්ථාන දෙකක් වටලා දෙදෙනෙකු අත්අඩංගුවට

Tuesday, 17 September 2019 - 14:57

%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අලූත්ගම - කළුවාමෝදර ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස කෘත්‍රිම රා නිපදවූ ස්ථාන දෙකක් වටලා පුද්ගලයින් දෙදෙනෙකු කළුතර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී කෘත්‍රිම රා ලීටර 32,000 ක් පමණ පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන්.

ආරක්ෂිත කැමරා සවිකළ, සුපිරි නිවසක් තුළ එක් කෘත්‍රිම රා නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.  

අනෙක් ස්ථානයේ මීට මාසයකට පෙර විශේෂ කාර්ය බලකාය මගින්ද වැටලීමක් සිදුකර ඇතැයි වාර්තාවනවා.

සැකකරුවන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.