ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය අත්හිටුවන ලෙස ඉල්ලා මුලික අයිතිවාසිකම් පෙත්සමක්

Tuesday, 17 September 2019 - 15:34

%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අලුතින් නාම යෝජනා කැඳවීමකින් තොරව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

ඇල්පිටිය ප්‍රදේශවාසීන් තුන්දෙනෙකු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇති අතර, ඔක්තෝම්බර් 11 වනදා අදාළ මැතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ එම කොමිසම රැස්වීමකින් තොරව බව එමඟින් පෙන්වා දී ඇති බව සඳහන්.

ඒ හේතුවෙන් අදාළ ගැසට් පත්‍රය වලංගු නොවන බවයි මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව සහ පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර හමුවක් අද පැවැත්වුණා.

ඒ, එම කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදීයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සහ එය පැවැත්වෙන දිනයන් මෙන්ම අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරුණා.  

එමෙන්ම  ලබන මස 11 වන දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පිළිබදව ද මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පෙරවරු 10.30ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැවතියා.