නෙළුම් කුළුණේ බිලියන දෙකක් ගැන කියා ජනපති නොමග යවලා

Tuesday, 17 September 2019 - 19:10

%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BA%E0%B7%80%E0%B6%BD%E0%B7%8F
නෙළුම් කුළුණ ඉදිකිරීමේදී රුපියල් බිලියන 2 ක මුදලක් අතුරුදන්ව ඇති බවට සාවද්‍ය තොරතුරු ලබාදී ඇතැම් නිලධාරීන් ජනාධිපතිවරයා නොමග යවා ඇතැයි විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු වන අනූෂ පැල්පිට ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ නෙළුම් කුළුණ විවෘත කිරීම වෙනුවෙන් ඊයේ පැවති උත්සවයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදුකළ ප්‍රකාශය පිළිබඳව පැහැදිළි කරමින්.

දකුණු ආසියාවේ උසම බහුකාර්ය කුළුණ ලෙස 2012 වසරේදී වැඩ ආරම්භ කළ කොළඹ - නෙළුම් කුළුණ ඊයේ ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණු අතර, එය ඉදිකිරීමේදී සිදුවූ බව කියන රුපියල් බිලියන 2 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා අනාවරණ කළා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ දැඩි කථාබහක් මතුව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව කරුණු පැහැදිළි කරමින්, විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් දක්වා තිබුණා.

ඒ, චීනයේ බීජිං නුවර ඇලිට් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී එහි සභාපතිවරයා සහ එවකට මෙරට ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති ගෝඨාභය ජයරත්න, නෙළුම් කුළුණේ ඉදිකිරීම් සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවක ඡායාරූපයක්ද එක් කරමින්.