තමන් මහපොළ භාරකාර මණ්ඩලයේදී පඹයෙකු වූ බව, ඇමති ගාමිණී ජයවික්‍රම කියයි

Wednesday, 18 September 2019 - 7:40

%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B6%B9%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%B6%E0%B7%80%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93+%E0%B6%A2%E0%B6%BA%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමා ඇමතිවරයෙකු වුවද මහපොළ භාරකාර මණ්ඩලයේදී පඹයෙකු වශයෙන් සිටීමට සිදුවූ බව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා 2015/2018 වංචා දූෂණ සොයන ජනාධීපති කොමිසම හමුවේ ඊයේ ප්‍රකාශ කළා.

ඒ, මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට ලැබීමට තිබූ රුපියල් මිලියන 40,000 ක පමණ මුදලක්, මාළඹේ තොරතුරු තාක්ෂණ ආයතනය බදු ගිවිසුම් මගින් පෞද්ගලික සමාගමකට ලබාදී අවභාවිත කර ඇති බවට වන පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මීට අදාළ පැමිණිල්ල සිදුකර තිබුණා.

ඒ අනුව පැය එකහමාරක පමණ කාලයක් කොමිසම හමුවේ සාක්ෂි දුන් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා කියා සිටියේ භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා ලෙස හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් කටයුතු කළ බවයි.

ගිවිසුම වැරදි නම් ඔහුට ඒ පිළිබඳ පෙන්වාදීමට ඉඩකඩ තිබූ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ අද කොමිසම් සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.

ඒ විදුලිබල මණ්ඩලයේ විදුලි ධාරිතා සහ බලාගාර සඳහා ඉන්ධන ලබාගැනීමේදී සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධ පැමිණිල්ලට අදාලවයි.