ආයෝජන මණ්ඩලය සහ හීරා පදනම, අත්සන් තැබූ ගිවිසුමක් නීත්‍යානුකූල නොවන බව, කෝප් කමිටුවේදී හෙළිවේ

Wednesday, 18 September 2019 - 7:43

%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%93%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8%2C+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%2C+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
කෝප් කමිටුව ද එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වුණා.

කමිටුව හමුවේ විමර්ශනයට ලක්වුණේ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සහ ඊට අනුබද්ධ ආයතනයක් වන හීරා පදනම පිළිබඳවයි.

කෙසේ වෙතත් මෙම ආයතන දෙක පවත්වාගෙන යන හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා සහ ඔහුගේ පුතු හිරාස් හිස්බුල්ලාට කමිටුව හමුවේ ඊයේ දිනයේ පෙනී සිටීමට නියමිත වුවත් ඔවුන් වෙනත් දිනයක් ඉල්ලා ලිපි යොමුකර තිබුණා.

ඒ අනුව ඔක්තෝම්බර් මස 6 වනදා ඔවුන් යළි කැඳවීමටයි කෝප් කමිටුව තීරණය කරනු ලැබුවේ.

මෙම ආයතන දෙක සඳහා විදේශ ආධාර ලෙස ලංකා බැංකුව හරහා ලැබුණු මුදල් පිළිබඳව, කමිටුව සාක්ෂි විමසනු ලැබුවේ ලංකා බැංකුවේ සභාපතිවරයා ඇතුලූ අධ්‍යක්‍ෂ මණ්ඩල නිලධාරීන්ගෙන්.

එහිදී ඔවුන් කියා සිටියේ මෙම ගනුදෙනුව ලංකා බැංකුවේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මුදල් ලැබී ඇතත්, පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇතිවූ සැකයක් පදනම් කරගනිමින් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බුද්ධි මූල්‍ය ඒකකයට දැනුවත් කර ඇති බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ හිරා පදනම එක්ව 2013 /2015 කාලසීමාවේදී ගිවිසුමක් අත්සන් කර ඇති අතර, එම ගිවිසුම නීත්‍යානුකූල නොවන බවට නීතිතිවරයා විසින් අධ්‍යාපන කටයුතු සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත දන්වා ඇති බව කෝප් කමිටු සාමාජික රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මෙහිදී දන්වා සිටියා.rn
මේ අතර, පඩිපාලක සභා සංශෝධන පනත් කෙටුම්පත සහ ශ්‍රමවාසනා අරමුදල සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ සංශෝධන රහිතව සම්මත වුණා.

එමෙන්ම, නව මත්පැන් බලපත්‍ර ලබාදීමක් සම්බන්ධයෙන් පලවු මාධ්‍ය වාර්තාවක් පිළිිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේ ඊයේ අවධානය යොමු කිරිමත් සමඟ සභාවේ සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.

එම සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, චමින්ද විජේසිරි සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද මැදිහත්වුණා.