චීනයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් දිවයිනට

Wednesday, 18 September 2019 - 10:50

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
මහජන චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චෙන් මයිනර් ඇතුලූ 17 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

දින 3 ක නිල සංචාරයක් සඳහා ඊයේ ඔවුන් මෙලෙස චීනයේ බීජිං නුවර සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපලට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම පිරිස අමාත්‍ය අර්ජුන රණතුංග සහ මෙරට චීන තානාපතිවරයා ඇතුලූ පිරිසක් විසින් ගුවන් තොටුපලේදී පිළිගනු ලැබුවා.