වනඅලි දෙදෙනෙකුගේ මළ සිරුර හමුවෙයි

Wednesday, 18 September 2019 - 11:01

%E0%B7%80%E0%B6%B1%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආනමඩුව - නවගත්තේගම - කෝන්කඩවල රක්ෂිතයේ තිබී වන අලියෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් මෙම වන අලියා මිය යන්නට ඇති බවයි සැක පළ කරන්නේ.

ඊයේ ප්‍රදේශවාසියෙකුගේ තොරතුරක් මත අවුරුදු 10ක් පමණ වයසැති මෙම වන අලියාගේ මළ සිරුර සොයාගෙන තිබුණා.

මේ අතර, මන්නාරම - මාන්තෙයි - බටහිර පරප්පුකන්ඩාල් වැව් ඉස්මත්තේ තිබී අලි පැටවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම අලි පැටවා කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව දැනුම් දුන්න ද වනජීවි නිලධාරීන් එම ස්ථානයට නොපැමිණි බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

එම අලි පැටවාගේ මුඛයේ හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් ඇති වූ තුවාලයක් ද දැක ගත හැකි බව හිරු වාර්තාකරු කියා සිටියා.