ගෑස් මිල පහළට - ආනයනික කිරිපිටි මිල ඉහළට

Wednesday, 18 September 2019 - 11:37

%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 250කින් අඩු කිරීමට සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුවේදී අනුමැතිය හිමිව තිබෙනවා.

ජීවන වියදම් කමිටුව පසුගියදා රැස්වූ අවස්ථාවේදී අදාල යෝජනා ඉදිරිපත්ව ඇති අතර ඒ අනුවයි ඊට අනුමැතිය හිමිව ඇත්තේ.

ලෝක වෙලඳපොලේ පවතින මිල වෙනස් වීම්වලට අනුව මෙම සංශෝධන සිදු කරන බවයි ජීවන වියදම් කමිටුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කිරිපිටි ආනයනකරුවන් මිල වැඩිවීමක් ලබාදෙන ලෙස මීට පෙර අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කළ නමුත් ඊට අනුමැතිය හිමි නොවූ අතර ඔවුන් ඒ හේතුවෙන් වරායෙන් කිරි පිටි නිශ්කාශණ කටයුතු අත්හිටවනු ලැබුවා.