ලංගම, සරසවි අනධ්‍යයන සේවක වර්ජන තවමත් - මහවැලි ඉංජිනේරුවරුනුත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

Wednesday, 18 September 2019 - 12:44

%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%2C+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A
රජයේ සේවකයින්ට වැඩි කළ රුපියල් 2500 ක දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා ගමනගමන මණඩලයේ සේවකයන් ආරම්භ කර ඇති වර්ජනය 3 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඒ හේතුවෙන් දුර ගමන් මෙන්ම, කෙටි ගමන් සේවා බස් රථ ධාවනයට ද බාධා එල්ල වී තිබෙනවා.

වර්ජනය සඳහා මේ වනවිට ඩිපෝ 80 ක ශ්‍රී ලංගම සේවකයින් එක්ව සිටින අතර, වර්ජනය අඛන්ඩව සිදුකිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ සභාපති සමන් පුෂ්පකුමාර කියා සිටියේ.

මෙම වර්ජනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති උපාලි මාරසිංහගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම ගැටලු සම්බන්ධයෙන් ඊයේ වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

එහිදී වර්ජනය අත්හිටුවීමට වෘත්තීය සමිති එකඟතාවය පළ කළ බව ද සභාපතිවරයා කියා සිටියා.

මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 9 ක් ගත වී තිබෙනවා.

ඔවුන් මේ වනවිට විරෝධතා පාගමනක නිරත වන අතර, මේ හේතුවෙන් පුරහල අවට මාර්ගවල රථ වාහන තදබදයක් ද හට ගෙන ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

මේ අතර, වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් මහවැලි ඉංජිනේරුවන් අද ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.


දළදා සමිදුන් වෙනුවෙන් පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉටුකරනවා (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 22:31

කොවිඩ් 19 වසංගතයට මුහුණ දුන්නද දළදා සමිදුන් වෙනුවෙන් සිදුකරන... Read More

Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More