සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ට - ජනපති ලේකම්ගෙන් කැදවීමක්

Wednesday, 18 September 2019 - 12:47

%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD+%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජීවිතාන්තය දක්වා සියලු වැටුප් හා දීමනා ලබාදෙන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයේ නිරත රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න අතර සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මෙම සාකච්ඡාවේ නිගමනයන්ට අනුව, ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය සඳහන් කළේ.

කොටුව දුම්රියපොල ඉදිරිපිට ආරම්භ කළ මෙම සත්‍යග්‍රහයට අදට දින 9 ක් ගත වනවා.

තම ඉල්ලීම් වලට විසඳුම් ඉල්ලා ඊයේ පස්වරුවේ සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා විරෝධතා පා ගමනක ද නිරත වුණා.