වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා

Wednesday, 18 September 2019 - 12:51

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට ආරම්භ කළ එක්දින සංකේත වර්ජනයක හේතුවෙන් රෝහල් රැසක කටයුතු අඩාල වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ රෝහල් සියල්ලගේම පාහේ බාහිර රෝගී අංශය සහ සායනික රෝගී අංශ වර්ජනය හේතුවෙන් අඩාල වී පැවති බවයි.

කෙසේ වෙතත් මාතෘ, වකුගඩු, පිළිකා සහ ළමා රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ නැහැ.

වෛද්‍ය වර්ජනයෙන් මහනුවර මහ රෝහලේ සායනික සහ බාහිර රෝගී අංශ අඩාල වී ඇති බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ.

එමෙන්ම, වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වූවද රෝගීන් අපහසුතාවයට පත් නොවන අයුරින් එහි කටයුතු පවත්වාගෙන යාමට උත්සහ දරණ බවයි අනුරාධපුර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර කියා සිටියේ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනයට සහය පළ කරමින් තමන්ද අද දිනයේ වර්ජනයෙන් නිරත වන බවයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි සඳහන් කළේ.