ජනපති කොමිසමෙන් හෙළිව ඇති කරුණු වලින් ආණ්ඩුවට චෝදනා පත්‍රයක්

Wednesday, 18 September 2019 - 13:13

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2015 සහ 2018 වර්ෂ වල සිදු වු දුෂණ වංචා සේවිමේ ජනාධිපති කොමිසමේ මේවන විට හෙළිදරව් වු කරුණු, ආණ්ඩුවට චෝදනා පත්‍රයක් ගොනු කිරිමට තරම්, ප්‍රමාණවත් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු වාසුදේව නානායක්කාර මේ බව කියා සිටියා.

එමෙන්ම මුදල් අමාත්‍යවරයාගේ දැනුවත්වීමකින් තොරව සුරාබදු බලපත්‍ර නිකුත් කළ බව ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි කරුණක් බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.