කිංග්ස්බරි හෝටලයට ප්‍රහාර එල්ලකළ බෝම්බකරුගේ සිරුර භූමදාන කරන්නැයි අධිකරණයෙන් නියෝග

Wednesday, 18 September 2019 - 13:40

%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%92+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
පාස්කු ඉරිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී බෝම්බ පුපුරුවා ගත් බෝම්බකරු වන මොහොමඞ් අසාම් මොහොමඞ් මුබාරක් ගේ මෘත ශරීරය භාර ගැනීම ඔහුගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.

ඒ අනුව, එම මෘත ශරීරය තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට භාර දෙන ලෙසයි මහේස්ත්‍රාත් රංග දිසානායක කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළේ.

එය භාර ගෙන බොරැල්ල පොදු සුසාන භූමියේ භූමදාන කරන ලෙස තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි බොරැල්ල ග්‍රාම නිලධාරීයාට නියෝග කළේ.